5th March 2025
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ මඟපෙන්වීම හා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 28 දින මාතගල්, ශාන්ත ජෝෂප් විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර පින්තාරු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.