18th March 2025
221 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ 15 වන සංවත්සර දිනයට සමගාමීව 2025 මාර්තු මස 12 දින බලසේනා මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් ඇතුළු පරිත්‍යාගශීලීන් 61 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.