18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් සියඹලාණ්ඩුව, කරදන්දර වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

අධික වර්ෂාපතනය හේතුවෙන් සියඹලාණ්ඩුව, කරදණ්ඩාර වැවේ වැව්බැම්ම හානියට පත් වූ අතර මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 18 සහ 19 දෙදින තුළ එම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන් හේමරත්න RWP RSP psc ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.