6th April 2025
233 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් පසුගියදා මහසෙන්පුර ගම්මානයේ ජල සැපයුම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
එම ව්‍යපෘතිය ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමේ අරමුණින් ඉදිකල අතර, 2025 අප්‍රේල් මස 03 දින ව්‍යපෘතිය විවෘත කරනු ලැබීය.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 233 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගී වූහ.