11th May 2025
මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් පළමු යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකක සම්බන්ධීකරණ සාකච්ඡාව 2025 මැයි මස 06 දින මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද චක්රලේඛණය පිළිබඳව මාණ්ඩලික ප්‍රධාන විසින් පැහැදිලි කළ අතර, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සඳහා සෑම යුද්ධ හමුදා ආයතනයක් තුළ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කළේය.
අනතුරුව, යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ සුපිරි පන්න නිලධාරි මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, විසින් වැඩිදුර තොරුතුරු පැහැදිලි කළ අතර, එහිදී සහභාගිවූවන් විසින් ‘ක්ලින් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව එහි ක්‍රියාකාරිත්වය, ක්‍රියාවට නැංවීම, තක්සේරු කිරීම, උපදෙස් සහ මාර්ගෝපදේශ නිකුත් කිරීම, වාර්තා කිරීම, අධීක්ෂණය සහ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡා කරන ලදී.