19th May 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මැයි මස 15 දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරත විය.
මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි සේනාවිධායක, රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමනු ලැබීය. අනතුරුව, හෙරලියාවල කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි අතර, එහිදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන්පසුව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිගනු ලැබීය. ඉන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුර ගෞරවාචාරය ද පිරිනමන ලදී.
ඉන් අනතුරුව, භටපිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ අතර, පසුව, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක දැනුවත් කිරීමේ වැඩසටහනකට මධ්‍යස්ථාන සේනාවිධායක සහ මාණ්ඩලික නිලධාරින් විසින් සහභාගී විය. ඉන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඒකක අණදෙන නිලධාරින්, සියලුම මාණ්ඩලික නිලධාරින් ආමන්ත්‍රණය කළේය. ඒ සඳහා මාර්ගගත තාක්‍ෂණයද යොදා ගන්නා ලදී.
මෙම අවස්ථාවට රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.