16 වන ජාතික රණවිරු දිනයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයන් 10,000 කට අධික පිරිසකට නිල උසස්වීම්

16 වන ජාතික රණවිරු දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි නිලධාරින් 134 දෙනෙකු වෙත නිල උසස්වීම් ලබාදීමට කටයුතු කරන ලදී. එසේම, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදාවේ සෙසුනිලයන් 10,093 දෙනෙකු වෙතද උසස්වීම් ලබාදෙන ලදී.