20th May 2025
රණවිරු සේවා අධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, සුව සහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වාහන පහක් නිල වශයෙන් භාර දෙනු ලැබීය.
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක සහ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත 2025 මැයි මස 20 දින ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම වාහන පරිත්‍යාග කරනු ලැබීය. ඊට අදාළ නිල ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් රණවිරු සේවා අධිකාරියට භාර දෙන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය නියෝජනය කරමින් රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් ආර්.එම්.ඊ.කේ රත්නායක Lsc විසින් එම නිල ලේඛන භාර ගන්නා ලදී.
මෙම වාහන අනුරාධපුර, කඹුරුපිටිය, පාන්ගොල්ල යන ප්‍රදේශයන්හි පිහිටි අභිමංසල සුවතා නිකේතනයන්හි මෙන්ම අත්තිඩිය, මිහිඳු සෙත් මැදුර සහ රාගම, රණවිරු සෙවණ යන ස්ථාන වෙත ලබාදීමට නියමිතය. මෙම සුවතා නිකේතන මගින් රාජකාරියෙහි යෙදී සිටියදී රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබා දෙයි.
එහිදී මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථ දෙකක්, නිසාන් පෙට්‍රල් ජීප් රථයක්, ටොයොටා කරීනා මෝටර් රථයක් සහ ටොයොටා හයිලක්ස් වාහනයක් පරිත්‍යාග කරනු ලැබීය.