26th May 2025
වසර 34 කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP 2025 මැයි මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1990 නොවැම්බර් මස 03 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1992 නොවැම්බර් මස 14 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මාර්තු මස 31 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
2025 මැයි මස 30 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස ධූරයේ කටයුතු කරණු ලැබීය.
මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP විසින් සිය හමුදා දිවිය තුළදී 7 සහ 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායන්හි කණ්ඩභාර නිලධාරි, වවුනියාව ස්වාධීන වැඩපොළෙහි සහ 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි නිලධාරි අණදෙන, 56 පාබල සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (මෙහෙයුම්), මත්තෙගොඩ ස්වාධීන වැඩපොළෙහි නිලධාරි අණදෙන, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සහ 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි නිලධාරි අණදෙන, 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි වැඩබලන දෙවන අණදෙන නිලධාරි, 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි මූලස්ථාන බලඝණයේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), 57 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), 12 රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ (ආධාරක) අණදෙන නිලධාරි, 6 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි අණදෙන නිලධාරි, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති සම්බන්ධීකාරක නිලධාරි, යුද්ධ හමුදා පර්යේෂණ, විමර්ශන, ව්‍යාපෘති හා සංවර්ධන ශාඛාවේ (RAP&D) මාණ්ඩලික නිලධාරි 1 (සැලසුම්), යුද්ධ හමුදා පර්යේෂණ, විමර්ශන, ව්‍යාපෘති හා සංවර්ධන ශාඛාවේ කාර්යයේ නියුක්ත කර්නල් (සම්බන්ධීකරණ), ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 222 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 242 පාබල බලසේනාවේ බලසේනාධිපති, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, 14 පාබල සේනාංක මූලස්ථානයේ නියෝජ්‍ය සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්ෂක සහ පිරික්ෂුම් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්ෂක සහ පිරික්ෂුම් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල්, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු යන තනතුරු හොබවන ලදී.
මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය සේවා කාලය තුළ දැක්වූ සුවිශේෂී, කීර්තිමත් සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.
තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය හමුදා දිවිය තුළදී ක්ෂේත්‍ර ඉංජිනේරු 1 පන්තියේ පාඨමාලාව, ඒකක ගිණුම් නිලධාරි පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක පූර්ව-ස්ථානගත කිරීමේ පුහුණු පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ නිලධාරි පාඨමාලාව සහ රසායනික, න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා සහ ප්‍රතිචාර (II මට්ටම) පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන් රැසක් හදාරන ලදී.
එසේම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි බංග්ලාදේශයේ ඉංජිනේරු නිලධාරින් සඳහා වූ මූලික පාඨමාලාව සහ ඉන්දියාවේ ඒකාබද්ධ නිලධාරි බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව වැනි විදේශීය පාඨමාලාවන්ද හදාරා ඇත.
මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව විද්‍යාවේදී උපාධියක්ද ලබාගෙන ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2016 වසරේ ඉන්දුනීසියාවේ පැවති එක්සත් ජාතීන්ගේ පුරවැසිභාවය ආරක්ෂා කිරීමේ පුහුණු වැඩසටහන, 2016 වසරේදී කෙන්යාවේ පැවති ප්‍රධාන වශයෙන් ස්ත්‍රී පුරුෂ භාවය මත ප්‍රජා පාදක ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන සහ 2018 වසරේ දී චීනයේ පැවති සමුද්‍ර සේද මාවතෙහි පිහිටි රටවල් සඳහා වූ උසස් පුහුණු වැඩසටහන වැනි ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් කිහිපයකට ද සහභාගි විය.