13th September 2025
දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව පදනම සහ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව 2025 සැප්තැම්බර් මස 13 දින මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයේදී විශේෂ රෝද පුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහ එම පදනමේ නිර්මාතෘ දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ භාර්යාව වන ලලී කොබ්බෑකඩුව මහත්මිය සමඟින් සහභාගී වූහ.
සම්ප්‍රදායානුකූල පොල් තෙල් පහන දැල්වීමෙන් සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීමෙන් පසුව වැඩසටහන ආරම්භ විය. අනතුරුව යුද්ධ හමුදා නර්තන කණ්ඩායම විසින් පිළිගැනීමේ නර්තනාංගයක් ඉදිරිපත් කළ අතර, ඉන් පසුව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ විසින් පිළිගැනීමේ කතාව පවත්වනු ලැබීය. ඉන් අනතුරුව මිහිදු සෙත් මැදුර සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ගායන ප්‍රසංගයක් ද පැවැත්වීය.
උත්සවය අතරතුරදී, එම රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රෝද පුටු 56 ක් නිල වශයෙන් පරිත්‍යාග කරන ලද අතර, උත්සවයේ කටයුතු අවසන් කරමින් එම සුවතා නිකේතනයේ ප්‍රථිකාර ලබන රණවිරුවෙකු විසින් ස්තූති කතාව පවත්වන ලදී. පසුව පිරිස සමූහඡායාරූපයක් සඳහා පෙනී සිට තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූහ.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.