23rd October 2025
එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා හමුදා දායකත්වය ලබාදෙන රටවල ප්‍රධානීන්ගේ සමුළුව - 2025 ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 2025 ඔක්තෝබර් මස 14 දින සිට 16 දින දක්වා ඉන්දීය හමුදාව විසින් පවත්වන ලදී. මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
මෙම සමුළුවේදී අනාගත සාම සාධක මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලොව පුරා සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් සහභාගී වූ අතර, එහිදී එම ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් හට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා හමුදා දායකත්වය ලබාදෙන රටවල් 32 ක නියෝජිතයින් සමඟ වැදගත් සාකච්ඡාවන් ගණනාවක් පැවැත්වීමට අවස්ථාව හිමිවිය.
මෙම සමුළුවට මෙරට යුද්ධ හමුදාව නියෝජනය කරමින් විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී මාපලගම psc ද සහභාගි විය.