යුද්ධ හමුදාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 16 දින කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙරට අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවිය.

සුහඳ හමුව අතරතුරදී, එතුමිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව පත්වීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අතර, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සහ මව්බිමේ අභිවෘද්ධිය උදෙසා යුද්ධ හමුදාවේ සහයෝගය ලබාදීමට කැපවී කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

සුහඳ හමුව සමාප්තියේදී, යුද්ධ හමුදාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

(ඡායාරූප අනුග්‍රහය: මාධ්‍ය හා සන්නිවේදන අංශය - අග්‍රාමාත්‍ය කාර්යාලය)