යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකාය නීති විරෝධී පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුව ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමක

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායට ලද තොරතුරක් මත 2025 ඔක්තෝබර් මස 19 දින වවුනියාව, මුනිමුරිප්පු හි වවුනියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකරන ලදී.

එම මෙහෙයුමේදී, කැබ් රථයක් තුළ සඟවා තිබූ රු. 53,850,000.00 ක් පමණ වටිනා ප්‍රෙගබලින් පෙති 359,000 ක තොගයක් සමඟින් ඒවා ප්‍රවාහනය කරමින් සිටි කල්පිටිය, මණ්ඩලකුඩා හි පදිංචි 23 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගන්නා ලදී.

වවුනියාව පොලිස් ස්ථානය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබයි.