18th June 2025
දිවයිනේ ජනප්‍රියම ආරක්‍ෂක වෙබ් අඩවියක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිල www.army.lk වෙබ් අඩවිය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟපෙන්වීම මත නව මුහුණුවරකින් විකාශනය කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව, මෙම වෙබ් අඩවිය ග්‍රාහකයින්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සියලු තොරතුරු සමඟින් යාවත්කාලීන කර නවීන තාක්‍ෂණික ප්‍රවණතාවයන්ට අනුකූල වන පරිදි නවීකරණය කර ඇත.
යුද්ධ හමුදාව ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් එලෙස ප්‍රතිනිර්මාණය කරන ලද යුද්ධ හමුදා වෙබ් අඩවිය ග්‍රාහකයින්ගේ පරිශීලනය වෙනුවෙන් 2025 ජුනි මස 18 දින සිට ක්‍රියාත්මකයි.