25th April 2026
2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු සංස්කෘතික උත්සවය, 2026 අප්‍රේල් මස 24 දින ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මැතිණිය සහභාගී වෙමින් මෙම අවස්ථාව වර්ණවත් කළහ.
යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණීමත් සමඟම, සාම්ප්‍රදායික නර්තන අංගයක් මඟින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීය ගායනා කිරීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ විය. පසුව, මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සැමරීම වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.
ඉන් අනතුරුව, වර්ණවත් අවුරුදු නැටුම් ප්‍රසංගයක් පැවැත්වූ අතර, පසුව සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා ආරම්භ කරන ලදී. විවිධ සාම්ප්‍රදායික ක්‍රීඩා සහ ප්‍රසංග ඇතුළු සංස්කෘතික විනෝදාස්වාදය සහ උත්සව ක්‍රියාකාරකම්වල ආකර්ශනීය සම්මිශ්‍රණයකින් මෙම උත්සවය සමන්විත විය.
පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ආරාධිත අමුත්තන් සමඟ එක්ව විශේෂයෙන් නිර්මාණය කරන ලද "ගැමි ගෙදර" හිදී සාම්ප්‍රදායික පොල්තෙල් පහන උත්සවාකාරයෙන් දැල්වීය.
එදින වැඩසටහන අවසන් කරමින්, යුද්ධ හමුදාධිපතිතුමන් සහ විශේෂ ආරාධිත අමුත්තන් විසින් උත්සවය අතරතුර පවත්වන ලද විවිධ තරගවල ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ කුසලාන ප්රදානය කරන ලදී.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.