වැලිගම ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ සතිය, ජාතික වැඩසටහන සඳහා 3 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 නොවැම්බර් මස 15 වන දින සිය දායකත්වය ලබාදෙන ලදී. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ගරු අක්රම් ඉල්යාස් මහතාගේ මඟ පෙන්වීම යටතේ වැලිගම වෙරළ තීරය සහ කප්පරතොට පාලම අතර වෙරළ තීරය එහිදී පිරිසිදු කරනු ලැබීය.
මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින් මුහුදු ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම, සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම සහ වෙරළ දූෂණය අවම කිරීම කෙරෙහි අවධානය යොමු විය. මෙම වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රදේශවාසීන් සහ විදේශිකයින්ද සහභාගි වූහ.