යුද්ධ හමුදා ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ අනුමත සැලසුම් සහ ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රීපාදස්ථානයේ ඉදිකිරීම් ව්‍යාපෘතිය අඛණ්ඩව සිදුකරමින් පවතී.
මේ වන විට මි.මී. 300 පැති බැම්බ සම්පූර්ණයෙන්ම නිම කර ඇති අතර, මි.මී. 500 බැම්මේ ඉදිකිරීම් 2025 දෙසැම්බර් 31 වන විට ආසන්න වශයෙන් 90% ක ප්‍රමාණයක් අවසන් කර ඇත. ප්‍රධාන බැම්මේ ඉදිකිරීම් කටයුතු වලින් ද 65% ක් පමණ අවසන් කර ඇති අතර, අත් වැටෙහි වැඩකටයුතු ද 70% ක පමණ ප්‍රමාණයක් අවසන් කර ඇත.
තවද, යුද්ධ හමුදා භටපිරිස් විසින් දුෂ්කර ගමන් මාර්ගයන් ඔස්සේ ගොඩනැඟිලි ද්‍රව්‍ය ඉදිකිරීම් භූමියට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලබයි.
මේ වන විට, අවශ්‍ය සියලුම ගොඩනැඟිලි ද්‍රව්‍ය ඉදිකිරීම් ස්ථානයට ලබාදීමට කටයුතු කරන අතර ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්, 2026 ජනවාරි මස 05 දින වන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරයි.