27th January 2026
දිට්වා සුළි කුණාටුවේ දැඩි බලපෑම හේතුවෙන් මෙරට ඇති වූ ගංවතුර, නායයෑම් හේතුවෙන් යටිතල පහසුකම්වලට සිදු වූ හානි නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය කටයුතු කර ඇත. ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුගේ අධීක්‍ෂණය යටතේ 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව සහ ඉන්දීය යුද්ධ හමුදාවේ 19 වන ඉංජිනේරු රෙජිමේන්තුව එක්ව මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කරන ලදී.
ඒ අනුව, ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා කණ්ඩායම් විසින් ඒකාබද්ධව 2025 දෙසැම්බර් මස 31 දින සිට 2026 ජනවාරි මස 5 දින දක්වා බෙලිහුල්ඔය පාලමත් සහ 2026 ජනවාරි මස 9 දින සිට 21 දින දක්වා කොහොඹාන පාලමත් ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කර ආපදා ප්‍රතිසාධන කටයුතු නංවාලමින් සහ කලාපීය සහයෝගීතාව වර්ධනය කරමින් මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා භාරදෙන ලදී.