12th September 2025
නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා 2025 සැප්තැම්බර් මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි පොලිස්පතිතුමන් වෙත යුද්ධ හමුදා භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc විසින් පොලිස්පතිතුමන්ව පිළිගැනීමෙන් පසුව ශ්‍රී ලංකා සංඥා බලකායේ භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පොලිස්පතිතුමන් පිළිගනු ලැබූ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පොලිස්පතිතුමන් වෙත ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වා දෙනු ලැබීය. අනතුරුව, සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.
හමුව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවිධ රාජකාරි කටයුතු වලදී යුද්ධ හමුදාව සහ පොලිස් නිලධාරීන් අතර ඇති සමීප සහයෝගීතාවය සිහිපත් කළ අතර, මෙම හමුවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ද සහභාගි විය.
හමුව අවසානයේදී, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදුකළ අතර, පසුව පොලිස්පතිතුමන් අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.