මානව හිමිකම් හා දූෂණය පිටුදැකීම පිළිබඳව පෝස්ටර් නිර්මාණය කිරීමේ වැඩමුළුවක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟපෙන්වීම යටතේ අන්තර්ජාතික මානව හිමිකම් හා අන්තර්ජාතික දූෂණ විරෝධී දිනයට සමගාමීව 2025 නොවැම්බර් මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේ LL3 පරිශ්‍රයේදී “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පෝස්ටර් නිර්මාණකරුවන් සඳහා වැඩමුළුවක් පවත්වන ලදී.

මෙම වැඩමුළුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත අබේසුන්දර මහතා විසින් මෙහෙයවන ලදී.

90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩමුළුව මඟින් පෝස්ටර් නිර්මාණය කිරීමේදී භාවිතා වන ශිල්පීය ක්‍රම මෙන්ම තේමාවන් යටතේ පෝස්ටර් නිර්මාණය කිරීම සහ ඵලදායී දෘශ්‍ය සන්නිවේදන උපාය මාර්ගික ක්‍රම පිළිබඳව වටිනා අවබෝධයක් ලබාදෙන ලදී. එසේම මෙම වැඩසටහන සඳහා දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය, සේනාංක, බලසේනා, රෙජිමේන්තු සහ බලඇණිවල භටපිරිස් 328 දෙනෙකු Zoom තාක්ෂණය ඔස්සේ ද සහභාගී විය.