ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 59 වන පාබල සේනාංකය යටතේ ඇති 591 වන පාබල බලසේනාවේ භටපිරිස් 450 දෙනෙකු විසින් 2025 දෙසැම්බර් මස 10 වන දින මුලතිව් සහ කෝකිලායි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී. මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්, රාජ්‍ය නිලධාරින්, රතු කුරුස සංවිධානයේ සාමාජිකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක්ද සිය සහයෝගය ලබාදුන්හ.