ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහය දක්වමින් යුද්ධ හමුදාව දීපව්‍යාප්ත දෙදින පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

යුද්ධ හමුදාපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමඟාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2025 ජූලි මස 03 සහ 04 යන දිනයන් හීදී සියලු යුද්ධ හමුදා කඳවුරු ආවරණය වන පරිදි දෙදින පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සමාජීය, සාරධර්ම හා පාරිසරික යන තේමාවන් ඔස්සේ මෙහෙයවමින් යුද්ධ හමුදා භටපිරිස්හි භෞතික පවිත්‍රතාවය හා ක්‍රමවත් බව මෙන්ම ධානාත්මක ච්න්තනය වර්ධනය කිරීමේ අරමුණින් පවත්වන ලදී.

ඒ අනුව මෙම වැඩසටහන තුළින් කසළ කළමණාකරනය, අප ජල කළමණාකරනය හා රෝග වාහක මැසි, මදුරු මර්ධනය සඳහා අවශ්‍ය ඉදිකිරීම් හා නවීකරණ කටයුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරන ලදී. එසේම වඩාත් ක්‍රමාණුකුල රාජ්‍ය සේවයක් සඳහා ‘5 S’ සංකල්පයට අනුව කඳවුරු පරිශ්‍රයන් පැවතිය යුතු ආකාරය පිළිබද මනා අවබෝධයක් භටපිරිස් වෙත ලබා දෙමින් අවශ්‍ය උපායමාර්ගයන් ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණක් විය.

මෙම වැඩසටහන තුළින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණු පිළිබඳ අවබෝධය තව දුරටත් වැඩිදියුණු කරගැනීම සඳහා සහභාගි වු සියලු යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන් හට අවස්ථාව උදාවිය.