ඉන්දීය යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025 ඉන්දු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සංවාදයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලුතිනන් ජෙනරල් එම්.පී සිං 2025 ජුනි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.