8th January 2026
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, 242 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 14 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි සිදුවූ දූවේ වැවේ පැති බැම්ම ප්‍රතිසංස්කරණ කටයුතු 2026 ජනවාරි මස 07 වන දින සිදුකරන ලදී.
වැව් බැම්මට සිදුවන හානි වීම වැළැක්වීම සහ අවට ප්‍රදේශවල ඇති විය හැකි ගංවතුර තත්ත්වයන් අවම කිරීම සඳහා භටපිරිස් විසින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.