12th August 2025
දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 33 වන අනුස්මරණ උත්සවය 2025 අගෝස්තු මස 08 දින අනුරාධපුර ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ පිළිරුව අභියසදී පැවැත්විණි.
යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මෙම අවස්ථාවට දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ භාර්යාව වන ලලී කොබ්බෑකඩුව මහත්මිය සහ කොබ්බෑකඩුව පවුලේ සාමාජිකයින් ද විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වූහ.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් පවත්වන ලද ආගමික වතාවත්වලින් අනතුරුව පැමිණ සිටි පිරිස මෙරට වඩාත්ම ගෞරවයට ලක්වූ එම යුද්ධ හමුදා නායකයාගේ සේවය, නායකත්වය සහ කැපකිරීම අඟය කරමින් එතුමන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ගුවන් හමුදාවේ සහ පොලිසියේ ආරාධිතයින් පිරිසක් ද සහභාගි වූහ.