11th September 2025
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන භඨකාර්ය සම්පාදන සම්මන්ත්‍රණය - 2025, රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේදී 2025 සැප්තැම්බර් මස 10 දින පවත්වන ලදී. එහිදී, ත්‍රිකුණාමලය වරාය අනාගත භඨකාර්ය සම්පාදන මධ්‍යස්ථානයක් ලෙස පත්කිරීමේ විභවතාවය, ඒ සඳහා ඇති අභියෝගයන් සහ තිරසාර ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කිරීම යන තේමාවන් ඔත්සේ මෙම සම්මන්ත්‍රණය පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ අතර, සංස්කෘතික සංදර්ශන ඇතුළත් වැඩසටහනකින් සම්මන්ත්‍රණය ආරම්භ විය. පසුව සම්මන්ත්‍රණය පිළිබඳව හඳුන්වාදීමේ වීඩියෝවක් ප්‍රදර්ශනය කරන ලදී.
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ටී. ලොකුතොටහේවා USP psc විසින් පිළිගැනීමේ කතාව පැවැත්වීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රැස්ව සිටි පිරිස ඇමතීම සිදුකරන ලදී. ආචාර්ය සනත් දිවාකර DBA MEng MBA BEng AMIE (SL) MISMM විසින් ප්‍රධාන දේශනය සිදු කරමින් සම්මන්ත්‍රණයේ ආරම්භය සනිටුහන් කළ අතර, මෙම සම්මන්ත්‍රණය සැසි දෙකකින් පවත්වන ලදී.
ඒ අනුව පළමු සැසි වාරය පාරිසරික වගකීම වැඩි දියුණු කරමින් ත්‍රිකුණාමලයේ ස්වභාවික සම්පත් මත පදනම් වූ කර්මාන්ත සඳහා කාර්යක්‍ෂමව තිරසාර උපාය මාර්ගික සැපයුම් පිළිබඳව පදනම්ව සාකච්ඡා කෙරුණු අතර, දෙවැනි සැසි වාරය ජාතික ආර්ථිකයට දායක වීම සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා හමුදා විභවයන් ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙණි.
ඒ අනුව ත්‍රිකුණාමල ප්‍රදේශයේ සැපයුම් කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව, භාණ්ඩ නිෂ්පාදනය සඳහා තිරසාර සැපයුම් දාම භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සහ රටක හමුදාව සටන් මෙහුයම්වලට අමතරව රටේ සංවර්ධනයට දායක වියහැකි විවිධ ක්‍රම පිළිබඳව සොයාබැලීම දැනුම බෙදාගැනීම සහ වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් මෙවර සම්මන්ත්‍රණය පැවැත්විය.
එසේම මෙම සම්මන්ත්‍රණයට සමගාමීව, Logistics Journal 2025 සඟරාව නිල වශයෙන් එළි දක්වන ලදී.මෙම සම්මත්‍රණය සඳහා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc, නියොජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සාමාජිකයන් සම්මන්ත්‍රණයට සහභාගි වූහ.