15th June 2025
593 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්වීම මත 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 12 දින සුගන්දිපුරම් ග්‍රාම නිලධාරි කාර්යාලයේ පැවති උත්සවයකදී මුලතිව්, සුගන්දිපුරම් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් පොල් පැළ 150 ක් බෙදාදෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 6 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජී.ජී.එන් විජේසූරිය RSP USP psc සහභාගි විය.