53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) 33 වන සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජී.ඒ.ටී ගොඩේවත්ත RWP RSP 2025 අගෝස්තු මස 08 දින එම සේනාංක මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි නව සේනාංකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. පසුව, එම අවස්ථාව සනිටුහන් කරමින් කාර්යාල පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව නව සේනාංකාධිපති විසින් එම සේනාංකයේ භටපිරිස් ඇමතීය. මෙම අවස්ථාවට එම පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.