යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් යාපනයේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ගර්භනී කාන්තාවන් 75 දෙනෙකු වෙත සහන පාර්සල් ලබාදෙති
27th January 2021
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ ‘කොළඹ ටරානා පදනමේ’ සභාපතිනී සුරන්ජනී වික්‍රමරත්න මහත්මිය ගේ මූල්‍ය අනුග්‍රාකත්වය මත යාපනය අර්ධද්වීපයේ වෙසෙන ගර්භනී කාන්තාවන් 75 දෙනෙකු වෙත වියළි සලාක පාර්සල් සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය බෙදාදීම චාවකච්චේරි පූමාරි ශාලාවේදී පසුගිය බ්‍රහස්පතින්දා (28) දින සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ අනුග්‍රාහක භවතුන් එක්ව රුපියල් 2750.00 ක වටිනාකමකින් යුතු එම සහන පාර්සල් බෙදාදුන්නේය. ගර්භනී කාන්තාවන්ට ලබාදුන් වියළි සලාක පාර්සල් කඩල, කිරිපිටි, පරිප්පු, ටින් මාළු, සහල්, කව්පි, මුං ඇට වැනි ධාන්‍ය වර්ග වලින් සමන්විත වූ අතර සනීපාරක්‍ෂක ද්‍රව්‍ය හා මුහුණු ආවරණ ද එම වියළි සලාක පාර්සල් වල ඇතුලත් විය.
අදාළ ප්‍රදේශයන්හී රාජ්‍ය නිලධාරින්ගේ නිර්දේශ මත දුෂ්කර ප්‍රදේශවල ගර්භනි කාන්තාවන් සහන පාර්සල් බෙදාදීම සඳහා තෝරාගනු ලැබිණි.
මෙම අවස්ථාව සඳහා චවාකච්චේරි හින්දු කෝවිලේ පූජකතුමන්, 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානි, බලසේනාධිපතිවරුන්,චාවකච්චේරි ප්‍රාදේශිය ලේකම්, චාවකච්චේරි පොලිස් ස්ථානභාර නිලධාරි, චාවකච්චේරි මහජන සෞඛ්‍ය උපදේශක, රාජ්‍ය නිලධාරින්, ටරානා පදනමේ නියෝජිතයන් සහ මෙම වැඩසටහන සංවිධානය කළ භටපිරිස් ද සහභාගී වූහ. |