කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමට හෝටල් පෞද්ගලික රෝහල් බවට පරිවර්ථනය කිරීමට සැලසුම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි
17th December 2020
පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට අපේක්‍ෂා කරන කොවිඩ් - 19 වෛරස් ආසාදිත පුද්ගලයින් වෙනුවෙන් පෞද්ගලික රෝහලක පවතින සියලු පහසුකම් සමඟින් ප්‍රතිකාර ලබාගැනීමට මේ වනවිට කටයුතු සැලසුම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (17) උදෑසන මාධ්‍ය වෙත හඬපටයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සමඟින් දුරකථන මාර්ගයෙන් අද (17) දින උදෑසන සම්බන්ධ වූ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේ ඇතැම් පුද්ගලයින් පොදු ප්‍රතිකාර ක්‍රමවේද යටතේ ප්‍රතිකාර ලබාගැනීමට අකමැති බැවින් ගෙවීම් සහිතව පෞද්ගලික රෝහල් තුලින් ප්‍රතිකාර ලබාගැනීම අපේක්‍ෂා කරන බවය. මේ වෙනුවෙන් පෞද්ගලික රෝහල්වල සහය ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වූ බවත් එම පහසුකම් සැපයීමට සියලු කටයුතු සූදානම්ව ඇති බවත් ප්‍රකාශ කළේය.
“කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් වැඩිවීමත් සමඟ ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමට විකල්ප ක්‍රමවේදයක් ලෙස ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්ථනය කර ඇති අතර අද වනවිට ශ්‍රී ලංකාවේ 8,000 කට අධික කොවිඩ් - 19 වෛරස් ආසාදිත පුද්ගලයින් අතරින් 65% ක් සඳහා එම මධ්‍යස්ථාන තුලින් ප්‍රතිකාර සිදුකරනු ලබයි.
කෙසේ නමුත්, ඇතැම් රෝගීන් පෞද්ගලික රෝහල් තුළ ප්‍රතිකාර ලබාගැනීමට අපේක්‍ෂා කරනු ලබන පොදු සනීපාරක්‍ෂක පහසුකම් හෝ අනෙකුත් පහසුකම් හේතුවෙන් ඔවුන් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීමට අකමැත්ත ප්‍රකාශ කරන අතර, තනි කාමරයක සිට ප්‍රතිකාර ලැබීමට ඔවුන් අපේක්‍ෂා කරනු ලබයි. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අප මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවැත්වුවා. සෞඛ්‍ය ඇමතිතුමිය සහ මා පසුගිය සතියේ පෞද්ගලික රෝහල් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී, අපි කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහල් සමඟ කතා කළා. ඒ අනුව, නවලෝක රෝහල සහ ලංකා රෝහල මේ සඳහා හෝටල් කුලී පදනම මත ලබාගෙන ඒවා රෝහල් ලෙස පවත්වාගෙන යාමට මෙම වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමට ඔවුන්ගේ කැමැත්ත ලබා දී තිබෙනවා. ඒ අනුව, හෝටලයක් රෝහලක් බවට පරිවර්ථනය කර එය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට මේ වනවිට කටයුතු සම්පාදනය වී අවසන්. විශේෂයෙන්ම රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන රෝගීන් වෙනුවෙන් මෙම රෝහල් ස්ථාපනය කරනු ලබනවා.
ඉන් අනතුරුව, නැගෙනහිර පළාතේ පොලිස් බලප්‍රදේශ තුනක හඳුනාගත් පහත සඳහන් ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කොට ඇති බව ද එතුමන් ප්‍රකාශ කළේය.
අක්කරේපත්තු පොලිස් බලප්‍රදේශය:
අක්කරේපත්තු - 5
අක්කරේපත්තු - 14
නගර බලප්‍රදේශ - 3
අඩ්ඩාලච්චේනෙයි පොලිස් බලප්‍රදේශය:
පලමුනායි
ඔලුවිල් - 2
අඩ්ඩාලච්චේනෙයි - 8
ආලයඩිවෙම්බු පොලිස් බලප්‍රදේශය
ආලයඩිවෙම්බු - 8/1
ආලයඩිවෙම්බු - 8/3
ආලයඩිවෙම්බු - 9
මේ අතර, මොණරගල දිස්ත්‍රික්කයේ අළුපොත ග්‍රාම නිලධාරි කොට්ඨාසය ද දැනුම් දෙන තුරු හුදෙකලා කර ඇති බව එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහි සම්පූර්ණ හඬපටය පහතින් දැක්වේ: |