අද දෙරණ - 24 නාලිකාවේ විකාශය වූ ‘ගෙට් රියල්’ වැඩසටහනට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි
9th November 2020
අද දෙරණ - 24 රූපවාහිණි නාලිකාවේ අද (09) දින පස්වරුවේ විකාශය වූ ‘ගෙට් රියල්’ (Get Real) වැඩසටහනට එක්වූ කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීම, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සහ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම, හුදකලා කිරීම, සමාජයේ සියලුදෙනාගේ වගකීම්, නව ආසාදිතයින් වාර්තාවීම, අත්‍යවශය සේවා සැපයීම සහ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් සිදුකරනු ලබන අඛණ්ඩ ක්‍රියාවලිය සඳහා ඇති යාන්ත්‍රණයන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ අදහස් දැක්විය. මෙම වැඩසටහන අඟහරුවාදා (10) දින රාත්‍රි 0700 ට අද දෙරණ - 24 නාලිකාව ඔස්සේ නැවත විකාශය කෙරේ.
එම රූපවාහිනී වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ: |