නව මේජර් ජෙනරල්වරු සිව්දෙනාට යුද්ධ හමුදාධිපති නිල ලාංඡන පළඳවයි
3rd November 2020
අභිනවයෙන් උසස්වීම් ලද මේජර් ජෙනරල්වරුන් සිව්දෙනා වෙත යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද (03) දින නිල ලාංඡන පැළදවීය.
ඒ අනුව, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර, 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිස්ටි ජයසිංහ මෙලෙස යුද්ධ හමුදාධිපති සුරතින් මේජර් ජෙනරල් නිල ලාංඡන පැළඳවීය.
ඉන් අනතුරුව, පැවති සුහද හමුවේදී උසස්වීම් ලද මේජර් ජෙනරල්වරුන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුබපැතුම් පිරිනැමූවේය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත උසස්වීම් ලබා දී ඇත. |