විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ගේ සේවය පැසසුමට
25th October 2020
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනිමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් බිහිවූ තවත් එක් ජ්‍යෙෂ්ට නිලධාරියෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ කාලතුවක්කු හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ඉකුත් සිකුරාදා (23) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර, එහිදී නික්ම යන ජ්‍යෙෂ්ට නිලධරීතුමන්ගේ සේවය පැසසුමට ලක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුබපැතුම් ද පිරිනැමීය.
මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය දශක තුනට අධික යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අපරිමිත කැපවිම අගය කළ යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයන ජ්‍යෙෂ්ට නිලධාරීතුමන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ. විශ්‍රාම දිවියට එලඹෙන ජ්‍යෙෂ්ට නිලධාරිතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුලදි යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (පුහුණු හා සම්බන්ධීකරණ - ආරක්‍ෂක), ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ හා මාධ්‍ය ප්‍රකාශක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍යක්‍ෂ (ක්‍රියාන්විත), ආරක්‍ෂක සේනා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ඇතුළු උසස් තනතුරු රැසක් හොබවා ඇත.
විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ජ්‍යෙෂ්ට නිලධාරිතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුලදී ලබාදුන් සහයෝගය අගය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි සිය ස්තූතිය පුදකළේය. මෙම සුහද හමුවේ අවසානය සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. |