යුද්ධ හමුදා දිනයට සමගාමීව නිලධාරීන් 514 කට සහ සෙසුනිලයින් 14,140 කට උසස්වීම්

10th October 2020

යුද්ධ හමුදාවේ සියලුම නිලයින්ගේ උපාය මාර්ගික හා තාක්‍ෂණික නිපුණත්වය තවදුරටත් ප්‍රවර්ධන කර ඉදිරි ගමනට ධනාත්මක ආකල්ප දියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමා විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 514 දෙනෙක් සහ සෙසුනිලයින් 14,140 කු වෙත නිල උසස්වීම් ලබාදුන් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරය සහ ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් සිය පණිවුඩය නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මේ දක්වා නිලධාරීන් 1984 දෙනෙකුට සහ සෙසුනිලයින් 41,910 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බව 71 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කළ පණිවුඩයේ සදහන්ය. එම සම්පුර්ණ පණිවුඩය පහතින් දැක්වේ; |