මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න ගේ විශිෂ්ඨ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් ගේ පැසසුමට ලක්වෙයි
4th September 2020
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආදර්ශමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලෙස තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය පැසසුමට ලක් කිරීම වෙනුවෙන් එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවීමෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එතුමන්ගේ වටිනා සේවය සිය ප්‍රසංශාවට හා ඇගයීමට ලක් කළේය.
ගජබා රෙජිමේන්තුව තුලින් බිහිවූ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ජාලිය සේනරත්න ගේ දශක තුනකට අධික සේවා කාලය මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය. මෙම සුහද හමුවේදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න සමඟ සුහද පිළිසදරක යෙදුණු අතර එහිදී, අතීත යුද ජයග්‍රහණ හා අත්දැකීම් පිළිබඳව ද මතකයන් ආවර්ජනය කළේය. එමෙන්ම, විශ්‍රාම ගැනීමෙන් පසු එතුමන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව ද විමසීමක් සිදු කළේය. විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න යුද්ධ හමුදාව තුළ ප්‍රධාන තනතුරු රැසක් කැපවීමෙන් හෙබවු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වේ.
නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාව වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළ අතර සිය රාජකාරී ඉටු කිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් තමාට ලබාදුන් දිරීගැන්වීම් පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. මෙම සුහද හමුව අවසානයේදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදී. |