හෘදයාබාධයකින් පෙළෙන කොවිඩ් - 19 වෛරසය ආසාදිත කාන්තාවක් මියගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි
18th August 2020
ඊයේ (22) දින රාත්‍රී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇය 47 හැවරිදි කාන්තාවක් වන අතර හෘද රෝගයකින් පීඩා විඳ ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
අද (23) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 06 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 06 දෙනා අතරින් එක් පුද්ගලයෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ මුලතිවු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ ද, පුද්ගලයින් 02 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ තිස්සමහාරාම ඉකෝ සෆාරි සහ කොළඹ GSH හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන තුලද, තවත් එක් පුද්ගලයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණ රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 02 දෙනෙකු වස්කඩුව සිට්‍රස් නිරෝධායන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ලෙස වාර්තා වේ. අද (23) දින උදෑසන 06.00 වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අදාළ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 629 දෙනෙකු වේ. ඔවුන් අතරින් පුද්ගලයින් 508 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 67 දෙනෙක් ද, ආරාධිත කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙක් ද, පවුල් හා සමීපතමයින් 48 දෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ එක් පුද්ගලයෙක් වශයෙන් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
අද (23) දින උදෑසන UL 1710 දරණ මගී ගුවන් යානය මගින් නයිරොබි සිට පුද්ගලයින් 110 දෙනෙකු ද, EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 31 දෙනෙකු ද, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 19 දෙනෙකු ද, 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට පුද්ගලයින් 14 දෙනෙකු සහ UL 606 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට පුද්ගලයින් 238 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
අද (23) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 161 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 02 දෙනෙක්, ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 02 දෙනෙක්, දියතලාව නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 89 දෙනෙක්, බියගම ක්‍රීඩා සංකීර්ණ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 10 දෙනෙකු සහ ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 58 දෙනෙක් වශයෙන් වේ. අද (23) දිනය වනවිට පුද්ගලයින් 31,173 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (23) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 52 ක් තුළ පුද්ගලයින් 7,304 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (22) දිනය තුලදී PCR පරික්‍ෂණ 1710 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 202,907 ප්‍රමාණයක් සිදුකර ඇත.
අද (23) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 09 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු වන අතර ඉතිරි පුද්ගලයින් 08 දෙනා දේශීයව හඳුනාගත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඒ අනුව, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 597 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32 දෙනෙකු බව එම මධ්‍යස්ථානය වැඩිදුරයටත් ප්‍රකාශ කරයි. (නිමාව) |