ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ස්කොෂ් පිටිය හා ටෙනිස් පිටිය විවෘත කෙරේ
23rd July 2020
පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ ක්‍රීඩා පහසුකම් තවදුරටත් ඉහළ නංවමින්, රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ස්කොෂ් පිටිය හා ටෙනිස් පිටිය ඉකුත් බදාදා (22) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහභාගීත්වයෙන් පැවැති චාම් උත්සවයකදී විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් නව ස්කොෂ් පිටිය හා ටෙනිස් පිටිය සියලුම නිලයින් වෙනුවෙන් විවෘත කරනු ලැබීය.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ දිසානායක ගේ සහ ලුතිනන් කර්නල් දුල්සර ධර්මසේන ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ස්කොෂ් පිටිය හා ටෙනිස් පිටිය අභිනවයෙන් ඉදිකිරීම සඳහා අවශ්‍ය මුල්‍යමය පිරිවැය ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානය විසින් සම්පාදනය කර තිබුණි.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරුඵලක නිරාවරණය කිරිමෙන් අභිනවයෙන් ඉදිකළ ස්කොෂ් පිටිය හා ටෙනිස් පිටිය විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තන් සහ අනෙකුත් ආරාධිතයින් ඉදිරියේ ප්‍රදර්ශනාත්මක තරඟ දෙකක් ද එහිදී පැවැත්විණි. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශීෂ්ඨ ක්‍රීඩකයින් වෙත ශ්‍රවණාගාරයේදී ත්‍යාග ප්‍රදානයක් ද සිදුකළේය. ඉන් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් අමතමින් සාමූහික වගකීම සහ ශාරීරික ශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාවේ ඇති වැදගත්කම පෙන්වාදෙමින් කෙටි දේශනයක් ද සිදුකළේය.
මෙම උත්සවය අවසානයේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිලධාරී නිවස්නයේදී රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැති අතර එම අවස්ථාව සංකේතවත් කරමින් එදින ප්‍රධාන ආරාධිත අමුත්තා සමගින් සමුහ ඡායාරූපයක් ගනු ලැබීය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතෙහි සමරු සටහනක් ද තැබීය.
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කඳවුරු ආරක්‍ෂක මූරයේ ගෞරවාචාරය පිරිනැමිමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති හා මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න විසින් යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් සහභාගි වුහ. |