ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ වසර 70 ක ඉතිහාසයට අමරණීය භාවයක් එක් කරයි
11th June 2020
වර්ෂ 1949 දී එවකට ලංකා හමුදාව පිහිටුවීම හා සමකාලීනව යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සන්ධිස්ථානීය සනිටුහන් කිරීම වර්ෂ (1949-2019) දක්වා කාලසීමාව තුළ එහි වසර 70 ක ලේඛනගත සිදුවීම් ඉතිහාසය අද (10) දහවල් යුද හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත එම වටිනා යොමු පොත පිළිගැන්විය.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 9 වන කර්නල් සේනාවිධායක සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එම්. ඒ. ඒ. දුමින්ද සිරිනාග යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් සමග සුහද පළිසදරක නිරත වෙමින් හිටපු රාජකීය බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් යටතේ පැවති කාලය සහ එය ක්‍රමානුකූලව පරිණාමය වීම පිළිබඳ විස්තර කරමින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ හි උරුමය විස්තර කරන “හැත්තා වසරක පිය සටහන්” (අවුරුදු 70 ක මතක සටහන්) පොතේ මංගල පිටපත යුද්ධ හමුදාධිපති වෙත ප්‍රදානය කරන ලදී.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව දැරු උත්සාහය වෙනුවෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සුබ පැතුම් එක් කරමින් එහි ප්‍රයෝජනය ඉස්මතු කළේය. විමර්ශන ග්‍රන්ථයක් ලෙස සංවිධානයේ සෙසු නිලධාරීන් වෙනුවෙන් 1949 දී එවකට ලංකාවේ හමුදාවේ ප්‍රතිරූපය ඉහල නැංවීමේ අරමුණින් ඉතිහාසය අනුරූප වන පරිදි, මෙම ග්‍රන්ථය සැකසීම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට ස්තූතිවන්ත වූහ. |