හිරු රූපවාහිනි නාලිකාවේ ‘රට සහ හෙට’ වැඩසටහන සඳහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී එක්වෙයි

22nd April 2020

ජනප්‍රිය ‘හිරු’ රූපවාහිනි නාලිකාවේ අද (22) දින පැවැති ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වූ ආරක්ෂක මණ්ඩල ප්‍රධානී, කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවති පුළුල් සම්මුඛ සාකච්ඡාවකදී කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, දැනට සිදු කරමින් පවතින නිරෝධායන කටයුතු, ප්‍රදේශයන් හුදකලා කිරීමේ ක්‍රියාවලිය, ප්‍රජා වගකීම්, නිරෝධායන ක්‍රියාවලිය, වෛරසය ආසාදනය වූවන් හඳුනා ගැනීම සහ ඔවුන් පැවැත්වූ සමීප සම්බන්ධතා සොයා ගැනීම, RCP පරීක්ෂණ පැවැත්වීම සහ ඉදිරි සති කිහිපයේ සිදුකරනු ලබන ක්‍රියාවලින් පිළිබඳව කරණු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. තවද, කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී සමගින් මෙම වැඩසටහනට එක්වූ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ප්‍රියන්ත බන්දු වික්‍රම යන මහත්වරුන් අදහස් දක්වමින් වෛවරසය වර්ධනයන් සිදුවන ආකාරය සහ ඉදිරි දින කිහිපයේදී ලත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ පැහැදිලි කිරිමක් සිදු කරන ලදී.

මෙම රූපවාහිනි සම්මුඛ සකච්ඡාවේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ. |