කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීමේ සඳහා වන අභියෝගය ඵලදායී ලෙස ඉටු කරන ආකාරය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් පැහැදිලි කරයි
21st April 2020
“අපි කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම වැළැක්වීට ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට වඩා පසුගිය දශක දෙකහමාර තුළ දුෂ්කර අභියෝගයන්ට මුහුණදෙමින් ජාතියේ යහපත උදෙසා කටයුතු කළ බව මතක තබාගත යුතුයි. අණදෙන නිලධාරීන් සහ අදාළ පාර්ශවකරුවන් වශයෙන් ඔබ සියලුදෙනා ඉතා වටිනා කැපවීමකින් යුත් සේවාවක් ඉටුකරමින් සිටින අතර අපගේ සමකාලීන ඉතිහාසයේ තීරණාත්මක මොහොතේ දී එය රටේ සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වන අතර සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රමාත්‍යතුමන් ඇතුළු රටේ අන් සියලුදෙනා විසින් අපව අගය කරනු ඇත. අද අපට ලැබෙන අතිමහත් ප්‍රශංසාව ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මානුෂීය මෙහෙයුම් වලදී අපව පැසසුමට ලක් කළ ආකාරයට සමාන වේ. රාජකාරි ඉටු කරන අතරතුර ඔබේ සෞඛ්‍යය ගැන උපරිම සැලකිල්ලක් දක්වන අතරම එය කොතරම් දුෂ්කර වූවද අපගේ කාර්යය තවමත් අවසන් කර නැත.” යනුවෙන් කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ කටයුතුවල නියැලි සිටින අණදෙන නිලධාරීන් අමතමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (21) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවසීය.
ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීමෙන් අනතුරුව වෛරසය පාලනය කිරීම, එය තවදුරටත් සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සහ සැක කටයුතු පුද්ගලයින් නිරෝධායනය කිරීම / ආසාදිතයින් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම යන ත්‍රිත්ව කළමනාකරණ ක්‍රමයක් යෝජනා කරන ලදී. “ඔබ සියලු දෙනා මේ වන විට 1 සහ 2 අදියර යටතේ ඔබ උපරිමයෙන් කටයුතු කර ඇති අතර දැනට තුන්වන අදියරෙහි ඵලදායී ලෙස නිරතව සිටින ඔබ සියලු වයස්වල පුද්ගලයන්, විවිධ පසුබිම්, විවිධ වර්ගයන්ට අයත් කුඩා දරුවන් සහ වයස්ගත පුද්ගලයින් පවා රැකබලා ගනී. ශ්‍රී ලාංකිකයන් ලෙස නොව ඔබේ සහෝදර සහෝදරියන්ට මෙන් ඔවුන්ට සැලකීම අපි සියලුදෙනාගේ වගකිම වන අතර හැකි ඉක්මනින් එය එකවර අවසන් කර අපේ රට යථා තත්ත්වයට පත් කළ යුතුය.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් අමතමින් පැවසීය.
ඉන්දියාවේ සහ පාකිස්තානයේ අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට රජය ගෙන ඇති සැලසුම් පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන්ට සිහිපත් කරන ලදී. දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන නාවික භටයින් සහ ගුවන් භටයින් විසින් ලබාදෙනු ලබන සහයෝගයට උපහාරයක් පිරිනමමින් මෙම නව අත්දැකීම ත්‍රිවිධ හමුදාවට ඔවුන්ගේ මෙහෙයුම් ක්ෂේත්‍ර නිවැරදි කිරීමටත්, එම ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමටත් පූර්ණ ප්‍රතිඵලයක් ලබාදීමට මග පෑදූ බව යුද්ධ හමුදාධිපතිතුමන් සඳහන් කළේය. “ඔබ සියලුදෙනා සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ඉහළම මට්ටමකින් යුතුව කටයුතු කළ අතර ඔබ අන් අය සමඟ කටයුතු කිරීමට පෙර ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුය. එවිට පමණක් අපට මෙම අභියෝගය ජය ගත හැකි වනු ඇත.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.
ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන් අමතමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ දේශනයෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ දේශනය සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් සුරාජ් බංසජයා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර, 61 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ කොවිඩ්-19 වෛරසය පැතිරයාම සඳහා කටයුතු කරන නිලධාරීන් රැසක් සහභාගි වූහ. |