ශ්‍රී ලංකා ඇන්ගිකානු දේවස්ථාන කොළඹ අග රදගුරු පියතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සාකච්ඡාවක්
15th April 2020
ශ්‍රී ලංකා ඇන්ගිකානු දේවස්ථාන කොළඹ අග රදගුරු දිලෝරාජ් රංජිත් කනගබෙ පියතුමා සහ කොව්ඩ් -19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර අද (15) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාව අතරතුර කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර් ග සහ ත්‍රිවිධ හමුදාව විසින් මහජනතාව වෙනුවෙන් මේවන විට සිදු කරනු ලබන කාර්ය භාරය පිළිබඳව ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කර ගත්හ.
හමුව අවසානයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එහි සපැමිණි රංජිත් පියතුමන් වෙත මතකයේ සිහිවටනයක් ලෙස සමරුතිළිණයක් පිළිගන්වනු ලැබීය. එම අවස්ථාව සඳහා තවත් පියතුමන්ලා කිහිපක දෙනෙකු ද සහභාගී වූහ. |