කොවිඩ් - 19 වෛරසය පැතිරීම වළක්වාගැනීම සම්බන්ධයෙන් විද්වත් වෘත්තිකයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙති
10th April 2020
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය පිහිටි කොවිඩ් - 19 වෛරසය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී, ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 වෛරසය තුරන් කිරීමට එරෙහිව රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටින විවිධ විද්වතුන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ස්වේච්ඡා වෘත්තීය දැනුම හා තාක්‍ෂණික යෙදවුම් අඛණ්ඩව ලබාගැනීම පිළිබද සාකච්ඡාවක් පැවැත්විණි.
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ තවත් සාකච්ඡාවක් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම සාකච්ඡාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සිංගප්පූරුවේ විදේශ අත්දැකීම් සහිත ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෙකු වන වෛද්‍ය චන්ද්‍ර කුරුලුරත්න මහතා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.එස්. රෝහිත යන විද්වතුන් එක්ව ‘වේගවත් ජංගම පරීක්ෂණ / පරීක්ෂණ පහසුකම්’ සහ ‘කොවිඩ් -19 වෛරසය මැඩලීම සඳහා වෛද්‍ය නොවන ප්‍රතිකාර ක්‍රම වැළැක්වීම’ ආදී පැතිකඩයන් පිළිබදව වෙන වෙනම කරුණු ඉදිරිපත් කරමින් සංවාදයක නියැලිණි.
ඉන් අනතුරුව, කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජානක ද සිල්වා ඇතුළු රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ලේකම්වසම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්. එම්. කුලරත්න, රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්දන, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරෝජා ජයසිංහ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කමනි වනිගසූරිය යන මහත්ම මහත්මීන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ‘කොවිඩ් - 19 වසංගත උවදුර වලක්වා ගන්නා ආකාරය පිළිබඳ ඒකාබද්ධව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. එහිදි, එදිනෙදා අවශ්‍යතා හා ජනතාවගේ සමාජ ව්‍යුහය හා සම්බන්ධ දැඩි ක්‍රියාමාර්ග සහ දැවෙන ගැටලු විසඳීම තුළින් පැන නගින සමාජ, ආර්ථික හා සංස්කෘතික ප්‍රතිවිපාක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් එයට විසදුම් සෙවිමේ උපාය මාර්ගයක් කරා යාමට අවශ්‍ය පියවර පිළිබඳ සාකච්ඡා කෙරිණි. එම සාකච්ඡාවේදී, සංජීව වීරවර්ධන මහතා විසින් ‘ක්‍රියාකාරී සැලැස්ම / තොරතුරු තාක්‍ෂණ ලුහුබැඳීමේ උපායමාර්ගය’ පිළිබඳ ඉදිරිපත් කිරීමක් තුළින් පැහැදිලි කළ අතර එම අවස්ථාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ නියෝජිතයින් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගී වූහ. |