විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

8th April 2020

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ශ්‍රි ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඉදුනිල් පතිරත්න ගේ සේවය අගය කිරිම වෙනුවෙන් බදාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාමයන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් සිය සුභපැතුම් එක් කළේය.

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිය රාජකාරීන් නිසි අයුරින් ඉටු කළ විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟ පැවැති සුහද හමුවේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය අතීත මතකයන් සිහිපත් කරමින් එතුමන් සමඟ සුහද පිළිසඳරක නිරත විය.

තමන් වෙනුවෙන් පැවත්වූ මෙම සුහද හමුව වෙනුවෙන් නික්මයන මේජර් ජෙනරාල් ඉදුනිල් පතිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාධිපති තුමන් වෙත සිය ස්තූතිය පුද කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත සිය උණුසුම් සුභ පැතුම් හා ස්තූතිය පුද කළ අතර ඔහුගේ සේවය අගය කරමින් ප්‍රශංසා කළ අතර එය සනිටුහන් කිරිමට විශේෂ සිහිවටනයක් ද ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරාල් ඉදුනිල් පතිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය රාජකාරී කාළ සීමාව තුළ යුද හමුදාවේ අණ හා මාණ්ඩලික තනතුරු රැසක් හොඹවා ඇත. |