නුදුරේදී විශ්‍රාම යාමට නියමිත තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක් කෙරේ

8th April 2020

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිය රාජකාරීන් නිසි අයුරින් ඉටු කරනු ලැබු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහණ කැටකුඹුර ගේ සේවය ඇගයුමට ලක් කරනු වස් බදාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාමයන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සුභපැතුම් එක් කළේය.

විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟ පැවැති සුහද හමුවේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතීත මතකයන් සිහිපත් කරමින් එතුමන් ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුභපැතුම් එක් කළේය.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ගේ විශ්‍රාම දිවියට උණුසුම් සුභ පැතුම් එක් කරමින් එම අවස්ථාව සංකේතවත් කිරිම වෙනුවෙන් විශේෂ සිහිවටනයක් ප්‍රදානය කරන ලදී. |