නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 321 දෙනෙකු සිය නිවෙස් කරා පිටත් වෙති
31st March 2020
පෙරියකාඩු, පූනානි සහ ගුවන් හමුදාව මඟින් පවත්වාගෙන ගිය පුරවාසකුලම් පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් නීරෝධායනයට ලක් වූ 321 දෙනෙකුගෙන් යුත් තවත් එක් කණ්ඩායමක් අද (31) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර යන මෙම පිරිස වෙත යුද්ධ හමුදාව විසින් ප්‍රවාහන පහසුකම්ද සපයනු ලැබිණි.
එමෙන්ම ගාල්ල, කොළඹ, මහනුවර සහ කුරුණෑගල වැනි ප්‍රධාන ගමනාන්තයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින් එම පිරිස අතර සිටි කුඩා දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි.
නිරෝධායන කාල සීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පැමිණ සිටියහ. |