යුද්ධ හමුදාවේ දක්‍ෂතම යතුරුපැදි ධාවකයින් දිරීමත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් නව ධාවනපැදි ප්‍රදානය කරයි
20th February 2020
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ දක්‍ෂතම යතුරුපැදි ධාවකයින් දෙදෙනෙකු වන 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එච්.එම්. ප්‍රේමරත්න සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමන්‍ය සෙබල එස්.ඒ. රාජකරුණා ජාතික මට්ටමින් දැක්වූ ජයග්‍රහණ පැසසුමට ලක් කරමින් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (20) දින උදෑසන ඔවුන් දිරීමත් කරමින් සහ ඔවුන්ගේ හැකියාවන් අගය කරමින් යමහා (Yamaha) වර්ගයේ නව ධාවනපැදි දෙකක් ප්‍රදානය කරනු ලැබීය.
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති මෙම උත්සවය යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කළ අතර ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය සහ යුද්ධ හමුදාව තුළ පළමු ස්ථානය ලබා ගැනීමෙන් පසු 125 සීසී (2019, 2018 සහ 2017 වර්ෂවල) ධාවන පථයේ වාර්තා තැබූ කෝප්‍රල් එච්.එම්. ප්‍රේමරත්න සහ සුපර් මෝටර්ස් 250 සීසී (2019) හි 4 වන ස්ථානය, සුපර් මෝටර්ස් 250 සීසී (2018) හි 3 වන ස්ථානය මෙන්ම ජාතික ශ්‍රේණිගත කිරීම්වල සහ ත්‍රිවිධ හමුදා මට්ටම්වල සුපර් මෝටර්ස් 250 සීසී (2017) හි දෙවන ස්ථානය ලබාගත් සාමාන්‍ය සෙබළ එස්. ඒ. රාජකරුණා යුද්ධ හමුදා මුලස්ථානයට කැඳවීමෙන් අනතුරුව මෙම දිරීගැන්වීම සිදුකරන ලදී.
රුපියල් මිලියන 2.5 ක පමණ වටිනාකමින් යුත් නව ධාවනපැදි දෙක පරිත්‍යාග කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන්ගේ අනාගත ජයග‍්‍රහණ උදෙසා සිය සුබ පැතුම් ද එක් කරනු ලැබූ මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් වසන්ත මාදෝල ද එක්විය. |