නව නිලධාරීන්ගේ ‘අධිකාරියට පත් රාත්‍රි භෝජන සංග්‍රහය‘ විශේෂ මතකයන් එක් කරයි
21st December 2019
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවැති විසිරයාමේ පෙළපාලියේ තවත් සම්ප්‍රදායානුකූල අංගයක් ලෙස අධිකාරියට පත්ව විසිරගිය නව නිලධාරීන්ගේ ‘අධිකාරියට පත් රාත්‍රි භෝජන සංග්‍රහය‘ සෙනසුරාදා (21) දින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ නිලධාරී නිවස්නයේදී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහභාගි වූ අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගි විය.
අධිකාරියට පත් නව නිලධාරීන් සියලුදෙනා සමඟ පැවැති මෙම වර්ණවත් අවස්ථාව සම්ප්‍රදායානුකූල, ආචාර සමාචාර, ආහාරගැනීමේ සිරිත් විරිත්, ආචාරශිලිත්වය ආදියෙන් පොහොසත් වූ සම්ප්‍රදායක උත්සවයකි. එම කරුණු අධිකාරියට පත් නව හමුදා නිලධාරීන් සිය වෘත්තීය ජීවිතය තුළ පිළිපැදීය යුතුය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. |