නව යුද්ධ හමුදාධිපති අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යතුමන් හමුවෙයි
28th August 2019
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (28) දින මධ්‍යහනයේ කොළඹ 3 හී පිහිටි අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
මෙම හමුව අතරතුරදී, සුහදව අදහස් හුවමාරු කරගත් අග්‍රාමාත්‍යතුමන් නව පත්වීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය සුභපැතුම් එක් කළේය.
මෙම සුහද හමුව අවසානයේ, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම හමුවීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. |