මාලදිවයිනේ නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

22nd July 2019

ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් (Lieutenant Colonel Ismail Naseer) ඉකුත් සඳුදා (22) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ මාලදිවයින් ආරක්‍ෂක උපදේශක දෙරටේ හමුදා ඉතිහාසය පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර ද්විපාර්ශ්වික අවශ්‍යතා පිළිබඳ අදහස් හුවමාරු කරගනිමින් දෙරටේ දීර්ඝ කාලීන සබඳතා පිළිබඳව ද සිහිපත් කළේය.

මෙම සුහද හමුව අවසානයේ, සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. |