යුද හමුදාපති මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මහනායක හිමිවරු බැහැදකී
13th January 2016
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා 2016 නව වසර උදාවත් සමගම ප්‍රථම වරට සෙනසුරාදා (9) දින මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගත් අතර, එහිදී මල්වතු පාර්ශවයේ මහනායක පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමි, අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහනායක හිමි සහ ශ්‍රී රාමඤ්ඤ නිකායේ අති පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහනායක හිමිවරුන් බැහැ දකිනු ලැබීය. අනතුරුව ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා දළදා මාළිගාවේ තේවාව සිදු කරනු ලැබූ ස්ථානයට කැදවාගෙන යාමෙන් අනතුරුව යුද හමුදාපතිතුමා විසින් සමන්පිච්ච මල් පූජා කර පිරිකර ද පූජා කරනු ලැබීය. මෙම අවස්ථාව සදහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගි වූහ. අනතුරුව යුද හමුදාපතිතුමා හිරිකඩුවේ විද්‍යාසාගර පිරිවෙනේ දී රාමඤ්ඤ නිකායේ මහානායක, අති පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නා හිමි බැහැ දැක උන්වහන්සේ සමඟ කෙටි පිළසදරක ද නිරත වෙමින් අටපිරිකර හා විශේෂ සමරු තිළිණයක් පූජා කරනු ලැබිය. පසුව යුද හමුදාපතිතුමා අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහනායක හිමියන් බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගැනිමෙන් අනතුරුව විශේෂ සමරු තිළිණයක් උන්වහන්සේ වෙත ද පූජා කරන ලදි. ඉන් පසුව යුද හමුදාපතිතුමා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, යුද හමුදාපතිතුමා විසින් දේශයේ අභිවෘද්ධිය උදෙසා ඉදිරියේ දී යුද හමුදාව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිලබදව ද විස්තර කරනු ලැබීය. මෙහි දි යුද හමුදාව රටේ ආරක්ෂාව පිළිබදව නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව ද වැඩිදුරටත් පවසමින් විශේෂ සමරු තිළිණයක් ද පූජා කරනු ලැබීය. එමෙන්ම ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය උදෙසා හැකි සෑම පියවරක්ම ගන්නා බව ද යුද හමුදාපතිතුමා වැඩි දුරටත් පැවසීය.